in ,

“බුදු අම්මෝ මට නම් තවත් ලව් කරන්න බැරියෝ” – උපේක්ෂා

අැත්තටම මේක හුගාක් දවස් මගේ හිතේ තියාගෙන හිටිය රහසක් මීට වඩා මට මේ රහස හංගගෙන ඉන්න බෑ කියලා හිතුණ නිසයි මේක කියන්නේ.

අනිත් අය එක එක විදිහට හැගීම් ප්‍රකාශ කරන්න පුරුදු වෙලා හිටියත් මම මගේ හැගීම් ප්‍රකාශ කරන්න සුවිශේෂි වචන කිහිපයක් තියාගෙන ඉන්නවා, බුදු අම්මෝ, අනේ දෙවියෝ කියන වචන තමා මං හැගීම් ප්‍රකාශ කරන්න භාවිතා කරන්නේ. නමුත් අනිත් අය මේ වචන භාවිතා කරන්නේ කේන්තිය පිට කරන්නයි. අනිත් අයට හිතෙන්න පුළුවන් අසභ්‍ය වදන් භාවිතා කරන්න ඔන තැන්වලට කොහොමද මේ වගේ එ්වා ගැළපෙන්නේ කියලා නමුත් මම මේවා භාවිතා කරන්නේ ටිකක් උස් හඩින් කෙන්තියක් එක්ක එ් නිසාම මම කටින් මේ වගේ වචන අාවාම අනිත් අය නිශ්ශබ්ද වෙනවා.

දවසක් ටෙලි නාට්‍යයක රගපාන අවස්ථාවේ දී තමා මේ සිදු වීම සිදු වුණේ, සාමාන්‍යයෙන් අධ්‍යක්ෂකවරයා කට් කිව්වාම අපි අපේ රගපෑම නතර කරනවා, එද මට තිබුණේ ප්‍රේම ජවනිකාව රගපාන්න, ප්‍රේම ජවනිකා රගපාද්දි වැළදගැනීම්, සිප ගැනීම් වගේ දේවල් සිදුවෙනවා නේ, එදාත් එ් වගේම දවසක් අධ්‍යක්ෂකවරයා කට් කිව්වාම මම මගේ රගපෑම නතර කළ නමුත් නළුවාට තමන් ඉන්න තැන අමතක වෙලා වෙන්න අැති, මාව සිපගෙනම හිටියා.

එ් වෙලාව මට කේන්ති ගියා, එ් වෙලාවේ බුදු අම්මෝ මට තවත් ලව් කරන්න බැරියෝ කියලා මම කෑගැහුවා, එ් වෙලාවේ නළුවා මගෙන් මිදුණා. මගේ වෙනස නළුවාට වගේම අනිත් අයටත් තේරුණා. මං ගැන දන්න අය විතරයි මම මේ  වගේ වදන් භාවිතා කළාම නවතින්නේ, සමහර ප්‍රේම ජවනිකාවලදී මම කේන්ති අරන් බුදු අම්මෝ කියලා කිව්වට නතර වෙන්නේ නැති අවස්ථාත් තියෙනවා. එ් වෙලාවේ මට අසභ්‍ය වදන් භාවිතා කරන්නත් වෙනවා.

එ් වගේම තවත් සිදුවීමක් සිදු වුණා, දවසක් මං ගරු කරන අධ්‍යක්ෂකවරයෙකු වැඩකට එකතු වෙලයි හිටියේ. ඔහු අනවශ්‍ය විදිහට මගේ අැග මතු කරලා පෙන්වන් උත්සහා කරනවා වගේ තේරුණා. සාරියක් අැන්දත් බඩ පේන්න අදින්න කිව්වා. එ් චරිතයට එ් වගේ අදින්න අවශ්‍ය නෑ කියලා මට හිතුණ නිසා කිහිප සැරයක්ම ඔහුට පැහැදිලි කරලා කිව්වා. නමුත් ඔහු තේරුම් ගත්තේ නෑ එ් වෙලාවේ “බුදු අම්මෝ බුදු දෙයියෝ මේ සීන් එකට මම මෙහෙම ඉන්න අවශ්‍ය නෑ….. මට ඒක බෑ” කියලා හයියෙන්ම කිව්වා. නමුත් ඔහු නතර  වුණේ නෑ පස්සේ මට පුරුදු වචන ටික භාවිතා කරන්න වුණා.

“ඩෙනිම් ඇඳලා ඔක්කොම එළියේ දාගෙන එන්න පුළුවන්. කැමරාව ඉස්සරහ කකුලක් පෙනෙන කොට තමයි මෙච්චර අමාරු….” කියලා අධ්‍යක්ෂකවරයා හැමෝම ඉදිරියේ මට බැන්නාම මං දන්න ඉංග්‍රීසි වචන ටිකක් දාලාම එයාට කිව්වා. හොද වෙලාවට එ් අධ්‍යක්ෂකවරයා ඉංග්‍රීසි දැනගෙන හිටියේ. එ්වා ඉතිං සුද්ද සිංහල

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

kaala movie releases June 07

රජිනිකාන්ත් වෙනුවෙන් තමිල්නාඩුවේ චිත්‍රපටිශාලා 500ක දොරටු විවර වෙයි..

Saamy 2 Trailer

Saamy 2 Trailer | Chiyaan Vikram, Keerthy Suresh | Hari | Devi Sri Prasad | Shibu Thameens