in ,

රජිනිකාන්ත් වෙනුවෙන් තමිල්නාඩුවේ චිත්‍රපටිශාලා 500ක දොරටු විවර වෙයි..

පා. රංජිත්ගේ අධ්‍යක්ෂණයෙන් ඉන්දිය සුපිරි නළු රජිනිකාන්ත්ගේ රංගනයෙන් මේ මස 7 වන දින තිරගත කිරීමට නියමිත චිත්‍රපටිය වන්නේ කාලාය, මේ වන විට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් චිත්‍රපටිශාලා 500ක චිත්‍රපටිය තිරගත කිරීමට නියමිතයි.

මේ වන විට අපට චිත්‍රපටිය පිළිබදව යම් අදහසක් ගත හැකි වූවත් එහි සත්‍ය අසත්‍ය පිළිබදව දැනගැනීමට 7 වෙනිදා දක්වා බලා සිටිය යුතු වනවා. රජිනි දේශපාලනයට අවතීරණ වීමට තීරණය ගත් පසුව ඔහුගේ රංගනයෙන් තිරගත වන පළමු චිත්‍රපටිය මෙයයි. එ් නිසා මේ චිත්‍රපටියේ දේශපාලනමය දෙබස් වැඩි වශයෙන් තිබිය හැකි බවට කටකතා පැතිරමින් තිබෙනවා.

එ් විතරක් නෙවෙයි, තමිල්නාඩුව හා කර්ණාටකාව අතර මේ වන විටත් කාවේරි නදීයේ ජලය සම්බන්ධයෙන් සීතල යුද්ධයක් අැති වී තිබෙන බව කවුරුත් දන්නා රහසකි, මේ චිත්‍රපටියේ රජිනිකාන්ත් විසින් කර්ණාටකා රජය විවේචනය කරන අයුරින් දෙබස් අැති බව පවසමින් එම ප්‍රාන්තයේ චිත්‍රපටි බෙදාහරින්න විසින් කර්ණාටකා රජයෙන් ඉල්ලීමක් කර තිබුණා චිත්‍රපටියට තහනමක් පනවන්න කියා, එ් රජයත් එම ඉල්ලීම පිළිගත්ත ද, කාලා චිත්‍රපටියේ නිෂ්පාදකවරයා සමග මේ ගැන වැඩි දුරටත් කර්ණාටකා රජය සාකච්ඡා කරන බවටයි තොරතුරු වාර්ථා වෙන්නේ. කෙසේ වෙතත් චෙන්නෙෙවල පමණක් චිත්‍රපටිශාලා 45ක කාලා තිරගත කිරීමට නියමිතයි.

තමිල්නාඩුවේ ප්‍රදේශ කිහිපයක චිත්‍රපටි තිරගත කරන දින උද්ඝෝෂණ පැවැත්වීමට සංගම් කිහිපයක් කටයුතු කරන බවට තොරතුරු වාර්ථා වෙනවා. එයට හේතුව මෑතක දී තුත්තුකුඩි ප්‍රදේශයේ උද්ඝෝෂණ ව්‍යාපාරයට පොලිසිය විසින් කළ වෙඩි තැබිම හා එ් ගැන රජිනි දැක්කු අදහස්වල විරුද්ධව යි. කෙසේ වෙතත් ජුනි  7 වන දින දැඩි අාරක්ෂා මත්තේ වූවත් කාලා තිරගත කිරීමට බලාපොරොත්තු වන බව චිත්‍රපටි නිෂ්පාදකවරයා හා අධ්‍යක්ෂකවරයා පැවසුවා.

ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා රජිනිගේ රසිකයන් කාලා වෙනුවෙන් දින ගනිමින් තිබෙන බවටයි වාර්ථා වෙන්නේ. ලංකාවේ පවා සෑම චිත්‍රපටි ශාලාවකම කාලා තිරගත කිරීමට නියමිතයි, සැවෝයි, ලිඩෝ වැන චිත්‍රපටි ශාලාවලත් කාලා තිරගත කිරීමට නියමිතයි.

What do you think?

1 point
Upvote Downvote

Total votes: 1

Upvotes: 1

Upvotes percentage: 100.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dharmayuddhaya won 3 derana awards

ධර්ම යුද්ධයට ප්‍රධාන සම්මාන 03ක් හිමි වෙයි..

upeksha swarnamali gossip news

“බුදු අම්මෝ මට නම් තවත් ලව් කරන්න බැරියෝ” – උපේක්ෂා