in ,

Vasuki Sinhala Subtitle – වාසුකි සිංහල උපසිරැසි (2017) [ස්ත්‍රී දූෂකයන්ට විරුද්ධව]

(Vasuki Sinhala Subtitle)

වාසුකි හා ලූයිස් අඹුසැමියන් යුවළකි.  වාසුකි ගෘහණියක් මෙන්ම කදකලි නර්තන ශිල්පිනියකි, ලූයිස් නීතිඥවරයෙකි. ඔවුන් ඉතා සතුටින් ජීවත් වෙමින්, මේ අතරතුර ඔවුන් ජීවත්වන මහල් නිවාස සංකීර්ණයෙන් සුදීෂ්, ආරියන්, පච්චෛයප්පයන් යන කාමාතුරයන්ට වාසුකි බිලි වෙනවා. ඉන් පසුව ඔවුන්ට කුමක් සිදු විය ද, නීතියට හසුවූවා ද.? වාසුකිට  සාදාරණයක් ඉටු වූවා ද ඒ පිළිබදව දැනගැනීමට මෙම චිත්‍රපටිය නැරඹිය යුතුයි.

මේ චිත්‍රපටියේ ලූයිස්ගේ චරිතට පණ පොවා ඇත්තේ සුපිරි මලයාලම් නළු ලෙස හදුන්වන මම්මුට්ටි ය. වාසුකිගේ චරිතයට පණ පොවන්නේ ඉන්දියානු දමිළ සිනමාවේ ලේඩි සුපර් ස්ටාර් ලෙස හදුන්වන නයන්තාරා ය. වාසුකි චිත්‍රපටිය මීට පෙර මලයාලම් භාෂාවෙන් පුදිය න්‍යායම් (Puthiya Niyamam) ලෙස 2016 වර්ෂයේ පෙබරවාරි 12 වන දින තිරගත කෙරුණි. ඉන් පසුව මෑතක දී දෙමළ බසින් හඩකවා තිරගත කරන ලදි. මෙහි අධ්‍යක්ෂවරයා ලෙස A. K. Sajan කටයුතු කළ අතරම සංගීත අධ්‍යක්ෂණය කළේ Gopi Sunder විසිනි. මේ චිත්‍රපටිය ගැන කතා කිරිමේ දී සංගීතය ගැන කතා නොකරම බැරි ය. ප්‍රේක්ෂකයාගේ අවදාන චිත්‍රපටිය තුළ රදවා ගැනීමට සංගීතය මනා ලෙස ඉවහල් වී තිබුණි.මෙහි සංස්කරණ කටයුතු කර තිබුණේ Vivek Harshan විසිනි. මෙහි සංස්කරණයත් ඉහළ තත්වයක තිබිම මතක් කළ යුතු වෙනවා. මෙහි ධාවන කාලය විනාඩි 132කි.

මෙයට IMDb විසින් ලකුණු 6.4ක් ලබා දී තිබෙන අතර Times of India විසින් ලකුණු පහෙන් තුනක් ලබා දී තිබෙනවා. මේ චිත්‍රපටිය ඉපැයු ආදායම වන්නේ කෝටි 12කි. මීට අමතරව 2016 වර්ෂයේ මලයාලම් සිනමාවේ හොදම නිළියට හිමි සම්මානය නයන්තාරාට හිමි විය.

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

gypsies Official Poster

Iravukku Aayiram Kangal | Tamil Movie review